ඩිජිටල් ශ්‍රී ලංකා ගැන ප්‍රතිපත්ති ප්රකාශනයක් නොමැති වීම ගැටලුවක්
රටම ඩිජිටල්කරණය වටිනා වැඩපිළිවෙළක් වුවත් ඩිජිටල් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්රකාශනයක් නොමැතිවීම ගැටලුවක් බව සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවසූවා.
මන්ත්‍රීවරයා වැඩ් දුරටත් පැවසුවේ,
“ඩිජිටල්කරණයේදී මානව හිමිකම් ගැනත් අවධානය කළ යුතුයි. ප්රජාතන්ත්රවාදය ගැන නොහිතා ඩිජිටල්කරණය වෙත යාමට ඇතැම් රටවල් උත්සාහ කිරීම නිසා ගැටලු ඇතිවෙලා තිබෙනවා. ආචාර්ය සංජන හත්තොටුව මෙරට ඩිජිටල්කරණය ගැන ලියවිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. හාන්ස් විජේසූරිය මහතා සමඟ එක දවසක් කතා කළා විපක්ෂය. එපමණයි. පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවක් හෝ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් හැදිය යුතුයි. සිවිල් සමාජයත් එක්ක කතා කළාද. මේ ගැටලු තිබෙනවා. පුරවැසිභාවයට බලපෑම් කරනවා. ඔන්ලයින් ආරක්ෂණ පනත තිබෙනවා. ආචාර්ය හාන්ස් වගේ කෙනෙක් අරගෙන කරන එක හොඳයි. ඒක හොඳ වැඩක්.
අපිට අවශ්‍ය වන්නේ ලෙක්චර් නෙවෙයි. සාකච්ඡාවක් ඕන. ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්රකාශනයක් නැහැ. සිංහලයෙන් හෝ දෙමළෙන් කිසිදු තොරතුරක් මේ සම්බන්ධයෙන් නැහැ. හරි නම් භාෂා තුනෙන්ම මෙය තිබෙන්න ඕන. මේක කළ යුතුමයි. නමුත් මේ රටේ සන්දර්භය, ව්‍යූහය අමතක නොකළ යුතුයි.”

