free web stats

ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීර­ණා­ත්ම­කම තර­ගය අද

පාකි­ස්තා­නයේ රාව­ල්පිණ්ඩි නුව­රදී පැවැ­ත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීර­ණා­ත්ම­කම මූලික වටයේ අව­සන් තර­ගය අද (27) පස්වරු 6.30ට ආරම්භ කිරීමට නියම්තයි.

සත්කා­රක පාකි­ස්තා­න­යට එරෙ­හිව පැවැ­ත්වෙන මේ තර­ගයේ ජය අව­සන් තර­ග­යට යෑම සඳහා ශ්‍රී ලංකා පිලට අනි­වා­ර්යය වී ඇති අතර, පාකි­ස්තා­නය ජය­ගත හොත් ශුද්ධ ලකුණු වේගය මත සිම්බාබ්වේ පිලට අව­සන් තරග වරම් උදා­වනු ඇත.

එබැ­වින් ශ්‍රී ලංකා පිලට අද තර­ගය තවත් අව­සන් මහ තර­ග­යක් බවට පත්ව තිබේ.

පාකි­ස්තා­නය මේ වන විට අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන්කර ගෙන සිටීම හේතු­වෙන් මේ තර­ගයේ ප්‍රති­ඵ­ල­යෙන් ඔවුන්ට බල­පෑ­මක් සිදු නොවනු ඇත.

කෙසේ වෙතත් මෙවර තරග සංචා­ර­යේදී පාකි­ස්තා­නය පරා­ජය කිරී­මට ශ්‍රී ලංකා පිලට තව­මත් නොහැකි වූ අතර, ශ්‍රී ලංකා පිල අව­ස­න්ව­රට විස්සයි20 තර­ග­ය­කදී පාකි­ස්තා­නය පරා­ජය කර ඇත්තේ 2022 වසරේ ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී දසුන් ශාන­කගේ නාය­ක­ත්වය යට­තේයි.

දෙපිල අතර විස්සයි20 තරග 25ක් පවත්වා ඇති අතර, ඉන් තරග 15ක් පාකි­ස්තා­න­යත්, තරග 10ක් ශ්‍රී ලංකා­වත් ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිල අව­සන් තරග පිළි­බඳ බලා­පො­රොත්තු ජීව­මාන කර ගත්තේ පෙරේදා රාත්‍රියේ පැවති සිම්බාබ්වේ පිලට එරෙහි තර­ග­යේ­දීය. එම තර­ග­යෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරී­මට සමත් විය.

එම තර­ගයේ කාසියේ වාසිය දිනා පළ­මුව පන්දු­වට පහර දුන් සිම්බාබ්වේ පිල කඩුලු 5කට ලකුණු 146ක් රැස් කළ අතර, පිළි­තුර ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ජය හිමි­කර ගත්තේ ඕවර 16.2කදී කඩු­ල්ලක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

අගනා ඉනි­මක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 98ක් රැස් කළේ පන්දු 58කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සම­ඟිනි. මේ ඉනි­මත් සමඟ විස්සයි20 ජාත්‍ය­න්තර පිටියේ වැඩිම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික පිති­කරු බවට පත්වී­මට පැතුම්ට හැකි විය. ඔහු තරග 77කදී ලකුණු 2326ක් රැස් කර සිටින අතර, කුසල් ජනිත් දෙවැනි තැන පසු­වන්නේ තරග 91කදී ලකුණු 2305ක් රැස් කර­මිනි. කුසල් මෙන්ඩිස් තරග 93කදී ලකුණු 2232ක් රැස් කර තිබේ. ලකුණු 12කට කමිල් මිෂාර දැවී යෑමෙන් පසු පිටි­යට පිවිසි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් රැස් කළේ පන්දු 25කිනි.

සිම්බාබ්වේ පිල වෙනු­වෙන් නායක සික­න්දර් රාසා සහ රයන් බර්ල් ලකුණු 37 බැගින් රැස් කළ අතර, බ්‍රයන් බෙනට් ලකුණු 34ක් ඉනි­මට එක් කළේය. පන්දු යැවී­මේදී වනිඳු හස­රංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තර­ග­යේදී 23 හැවි­රිදි පවන් රත්නා­යක ශ්‍රී ලංකාව වෙනු­වෙන් ජාත්‍ය­න්තර විස්සයි20 තරග වරම් දිනා­ගත් අතර, ඔහුට පන්දු­වට පහර දීමේ අව­ස්ථා­වක් හිමි නොවිණි.

මේ තර­ගා­ව­ලියේ අව­සන් තරග අනිද්දා (29) රාව­ල්පි­ණ්ඩි­හි­දීම පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *