තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක
සටන් විරාමයක් සඳහා තායිලන්තය සහ කාම්බෝජය එකඟ වූ බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්.
ඔහු පැවසුවේ දෙරටේ අඟමැතිවරුන් සමඟ තමා ගත් දුරකථන ඇමතුමකදි ඔවුන් සටන් විරාමයක් සඳහා එකඟ වු බවයි.
කාම්බෝජය විසින් වෙඩි තැබීම් නතර කර බිම්බෝම්බ ඉවත් කිරීමට කටයුතු කළහොත් සටන් විරාමය සඳහා තමන් සුදානම් බවට මීට පෙර තායිලන්ත භාරකාර අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ (12) පැවති දුරකතන සංවාදය පිළිබඳව දෙරට නායකයින් කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.
ඒ අනුව අද (13) සවස සිට බලාත්මක වන සේ සටන් විරාමය ක්‍රියාත්මක බව සඳහන් වේ.
පසුගිය 8 වන දා දෙරටේ දේශ සීමා ආසන්නයේදී මෙම ගැටුම් ඇති වුණා.
ගැටුම් හමුවේ පුද්ගලයින් 20 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී තිබෙනවා.

