ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

