free web stats

වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් හමුවෙයි

ඉතාලියේ ස්ටෙල්වියෝ ජාතික වනෝද්‍යානයේන් ඩයිනසෝර් පා සටහන් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර මිලියන 210කට වඩා පැරණි එම පා සටහන්,කුඩා හිසක්, දිගු බෙල්ලක් සහ තියුණු නියපොතු සහිත ශාකභක්ෂක ඩයිනසෝර් වර්ගයකට අයත් බවයි.

ඔවුන් හැඳින්වෙන්නේ ප්‍රො-සෝර-පොඩ්ස් ලෙසින් වේ.

ඇතැම් පා සටහන් වල විෂ්කම්භය සෙන්ටිමීටර 40ක් පමණ වන අතර,ඒවායේ ඇඟිලි සහ නියපොතු සලකුණුද පැහැදිලිව දිස්වන බව විදෙස් වාර්තා වල සඳහන් වෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී, ප්‍රදේශයේ සංචාරය කළ ඡායාරූප ශිල්පියෙකු විසින්, ස්ටෙල්වියෝ වනෝද්‍යානයේ කඳු බිත්තියක් මත තිබූ අදාල පා සටහන් මුලින්ම හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වෙනවා.

මීටර 10ක් පමණ දිග සිරුරක් ඇති “ප්‍රො-සෝර-පොඩ්ස්” වර්ගයේ ඩයිනසෝරයින් ඇවිදීම සඳහා පිටුපස පාද දෙක යොදාගෙන ඇති බවත්, දීර්ඝ සංචාර අතරතුර ගමන් විඩාව නිවා ගැනීමට, ඉදිරි පාද දෙක කඳු මත තබා විවේක ගෙන ඇති බවටත් විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.

වඳවී යාමට පෙර ඩයිනසෝර් සත්තවයින් වසර මිලියන 160කට වැඩි කාලයක් පෘතුවියේ ජීවත්ව ඇති බවට වාර්තා පලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *