ක්‍රිකට් පන්දු රැකීමේ නව පුහුණකරු ශ්‍රීධර්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
55 හැවිරිදි ශ්‍රීධර් මහතා ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන අතර, ඒ අනුව ඔහුගේ පත්වීම පසුගිය 11 වැනිදා සිට ලබන වසරේ මාර්තු 10 වැනිදා වලංගු වෙනවා.
මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය මැයි මාසයේ තාවකාලික උපදේශකවරයකු ලෙස ශ්‍රීධර් මහතාගේ සේවය ලබා ගැනීමට ද කටයුතු කළා.
ඔහු මෙරටදී දින 10ක පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණුකොට මේ පුහුණු කඳවුර පැවැත්වුණා.
එමෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’, නැඟීඑන සහ අවු. 19න් පහළ ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයෝ ද මීට එක් ව්ය.
ක්‍රිකට් පුහුණුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණියේ සහතිකයකට හිමිකම් කියන ශ්‍රීධර් මහතා 2014 සිට 2021 දක්වා ඉන්දීය ජාතික කණ්ඩායම ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග 300කට අධික සංඛ්‍යාවකදී පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

