free web stats

ගෑස් හිඟයක් නෑ බොරුවට බියවද්දන්න එපා

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂය අනියත බියක් සමාජය ඉදිරියේ මවාපෑමට උත්සාහ ගන්නා බවයි.

ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මඟින් සොයාගත් බවත් ඒ අනුව එම සමාගයේ පළමු ගෑස් නැව ජනවාරි මස 5 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට චෝදනා කර සිටියේ, නව සමාගමට ගෑස් ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් මාර්තු මාසය වනවිට මෙරට ගෑස් හිඟයක් ඇති වන බවයි.

එයට පිළිතුරු දුන් අමාත්‍ය විජිත හේරත් මහතා,

“පසුගිය දිනවල ගෑස් ලබාදුන්නේ ඕමාන් සමාගම තමා. ඕමාන් සමාගමට වඩා ඩොලර් සත 15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරයට ඉල්ලුම් කරා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට ලබාදුන්නා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. තත්ත්ව පරීක්ෂා කරන්න අනුමැතිය දීලා තියෙනවා. පළමු නැව ජනවාරි 5 වෙද්දි ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ. බොරුවට බියවද්දන්න එපා. රටක් විදියට අපි සියලුදෙනා එකාවන්ව නැඟිටිනවා. ඒ අධිෂ්ඨානය අපිට තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *