විපත සමඟ දේශපාලනය නොකළ යුතුයි
ආපදා කළමනාකරණ පනත සංශෝධනය කර ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් බිම් මට්ටමට ව්‍යාප්ත කළ හැකි නව යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසූවා.
හදිසි ආපදාව අවස්ථාවේ දී ඉන් ජනතාව මුදාගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම දෙනාට ගෞරවය හා ප්‍රණාමය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
දිට්වා සුළි කුණාටුව ගැන කතා කරන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ පෙර, පසු ලෙස සිදු කරන අධීක්ෂණය ගැන සැලකිය යුතුයි.
මෙරට ආපදා කළමනාකරණ යන්ත්‍රණය අති දුර්වලයි. එය වෙනස් කර අලුත් යන්ත්‍රණයක් ස්ථාපිත කර ව්‍යසන කළමනාකරණ පනත වෙනස් කර ශක්තිමත් මධ්‍යම යන්ත්‍රණයක් තුළින් ආයතන බිහිකර බිම් මට්ටමට ව්‍යාප්ත කළ යුතුයි. සම්බන්ධීකරණ ආයතනයක් විදිහට තමයි අද වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවතින්නේ. ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත විය යුතුයි. මෙරට තිබෙන අමාත්‍යාංශ අතරින් ප්‍රමුඛතම අමාත්‍යාංශයක් බවට එය පත් කළ යුතුයි. උපරිම භෞතික හා මානව සම්පත් මේ සඳහා ලබා දිය යුතුයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතන තවදුරටත් වර්ධනය කළ යුතුයි. නිසි විදිහට ක්‍රියාත්මක වන ඩොප්ලර් රේඩාර් සිස්ටම් එකක් අපට නැහැ. පුත්තලම ඩොප්ලර් රේඩාර් සිස්ටම් එක ජයිකා එකම සම්බන්ධ කරගෙන තවදුරටත් දියුණු කළ යුතුයි. දිට්වා සුළි කුණාටුව ඉන්දියා පැත්තට යන විට ඉන්දියාවෙන් පැමිණ අපට උදවු කළා. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙමින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආරම්භ කිරීමට රජයට පුළුවන්. අවදානම් සහිත ප්‍රදේශ සිතියම්ගත කිරීම වැනි දේ කළ යුතුයි. මේ විනාශය තුළ දරිද්‍රතා රේඛාවට එල්ල වී ඇති බලපෑම්, දළ දේශීය නිෂ්පාදිතයට සිදුව තිබෙන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බව සඳහන් වෙනවා.
මේ විපත සමඟ දේශපාලනය කිරීමට කටයුතු නොකළ යුතු බවට අපි අවධාරණය කරනවා. උඩුගම කන්ද නාය යාම නිසා අවතැන්වූවන් අලකොලමඩ විද්‍යාලයේ නවාතැන් ගෙන සිටියා. ඔවුන්ට විකල්ප කඳවුරක් ලබානොදී පාසල් විවෘත කිරීම සඳහා අවදානමට පත්ව තිබූ ස්ථානවලටම අදාළ පුද්ගලයන් යවා ඇති බවට වාර්තා වෙනවා. මේ ව්‍යසනයෙන් උගත් පාඩම් ඉගෙන ගත යුතුයි. ආපදාවට පත්වූවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. ජීවත් වීමේ අයිතිය ඔවුන්ගේ සුරක්ෂිත කළ යුතුයි. ආපදාවට ලක් වූ වින්දිතයන්ගේ සියලුම අයිතීන් ලබාදීම සඳහා සජබය මඟින් වෙනමම නීති කණ්ඩායමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. නොවැම්බර් 11 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලගුණ දෙපාර්තමේන්තුව නිර්මාණය වූ සුළි කුණාටුව ගැන පැහැදිලි කිරීම් කළා. මේ වගේ අවදානමක් ගැන කියද්දී අපේ රටේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සක්‍රිය නොවූයේ ඇයි? ඒවාට විසඳුම් දෙන්න ඕන.

