free web stats

දසුන්ට විස්සයි20 ලෝක කුසලානය දක්වා නායකත්වය

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසූවා.

එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් මෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානය හා එංගලන්ත විස්සයි20 තරගාවලි ද්විත්වයේද ශ්‍රී ලංකා නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *