TikTok සහ අමෙරිකාව අතර තීරණාත්මක ගිවිසුමක්
අමෙරිකාව තුළ ‘TikTok’ තහනම වළක්වාගැනීම සඳහා එහි හිමිකාරිත්වය දරන චීනයේ ByteDance විසින් සිය අමෙරිකානු කොටස්වලින් 80%කට වැඩි ප්‍රමාණයක් අමෙරිකානු සහ ගෝලීය ආයෝජකයින්ට විකිණීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන ආයෝජකයින් තිදෙනෙකු සමග මෙම ගිවිසුමට අත්සන් කළ බව TikTok ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew ප්‍රකාශ කොට තිබේ.
2020 වසරේ අගෝස්තු මාසයේ සිට අමෙරිකාව තුළ TikTok ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බව අනාවරණය වේ.
එම මතභේද අවසන්කිරීමට මෙම ගනුදෙනුව ප්‍රධාන පියවරක් ලෙස ගෙන ඇත.
එවකට ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මිලියන 170කට අධික අමෙරිකානුවන් විසින් භාවිතා කළ TikTok යෙදුම තහනම් කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා.
TikTokහි අමෙරිකානු අයිතිය චීන හිමිකරුවන් විසින් අලෙවි නොකරන්නේ නම්, මෙම යෙදුම අමෙරිකාව තුළ තහනම් නීතිය ජනවාරි 20වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණා.
ඒ අනුව TikTok හිමිකාරිත්වය දරන ByteDance සමාගම TikTok, TikTok USDS Joint Venture LLC නමින් නව TikTok US ඒකාබද්ධ ව්‍යාපාරයක් පිහිටුවීම සඳහා Oracle, Silver Lake සහ MGX යන ආයෝජකයින් තිදෙනෙකු සමග මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

