free web stats

අමෙරිකාවෙන් සිරියාවේ ISIS ත්‍රස්තයින්ට ප්‍රහාරයක්

සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අමෙරිකානු නිලධාරීන් පිරිසකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත්කළ බව අමෙරිකාව පවසනවා.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තයන්ට වූ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව මේ දක්වා නිල ප්‍රකාශයක් නිතුත්කර නොමැත.

පසුගියදා අමෙරිකානු නිලධාරීන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අමෙරිකානු නිලධාරීන් කිහිපදෙනෙකු මරණයට පත්විය.

සිරියානු ආරක්ෂක හමුදාවන්ගේද සහාය ඇතිව අමෙරිකාව මේ වනවිට මාස කිහිපයක සිට සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් සිදුකරමින් සිට්යි.

ඒ අනුව එම ක්‍රියාන්විතය අතරවාරයේ මෙම ප්‍රහාරයද එල්ල කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *