free web stats

ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් මරුට

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් සිට තිබෙනවා.

අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබෙනවා.

අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා තිබුණා.

කෙසේ නමුත් යානය ඊට පෙර අනතුරට ලක්ව ඇති බව වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

හමුදාපතිවරයා තුර්කිය වෙත පැමිණ ඇත්තේ, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධව වන ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහයි.

අල් හඩාඩ්ගේ අභාවය සම්බන්ධව තෙදින ශෝක කාලයක් නම් කළ ලිබියානු රජය ඔහුගේ අභාවය රටට සිදුවූ විශාල පාඩුවක් ලෙස නම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *