නීති හැදුවත් ක්‍රියාත්මක නොවන්නේ නම් ප්‍රතිඵලයක් නෑ
යම් යම් නීති සම්පාදනය කළද ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විනය සහ පරිසරය සකස් නොකරන්නේ නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් ස.ජ.බ මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් පළකළ ජේ.සී අලවතුවල මහතා පැවසූවේ ,
දිනෙන් දින අනතුරු ඉහළ යන තත්ත්වයක් තිබෙනවා. ඒ නසා පාසල් දරුවන්, ජීවිත රටට අහිමි වෙනවා. මේ ගැසට් පත්‍රවලින් ඉදිරිපත් කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. වැඩි වශයෙන් අනතුරු සිදුව තිබෙනවා. පොලීසිය ක්‍රියාකළ ආකාරය අපි දැක තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි බැලුන් එකක් පුම්බා ඒ අවසථාවේම වාර්තාව ගතයුතු වෙනවා. නමුත් පැය 24කින් පරීක්ෂා කළාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.
ඉහළ සිටම මේ වෙනුවෙන් ආදර්ශයක් ලබාදිය යුතු වෙනවා. මහජනතාවට හැම අංශයකින් විශ්වාසය ගැන ගැටලු තිබෙනවා. මේ අණපනත් දැඩිව ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඒ සඳහා පොලීසියට පහසුකම් ලබාදිය යුතු වෙනවා.

