free web stats

විරෝධතා හමුවේ ඉරානයේ අන්තර්ජාල සේවා අක්‍රීයවේ

ඉරානය පුරා අන්තර්ජාල සබඳතා බිඳවැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල-පාලනය නිරීක්ෂණ ආයතනයක් වන “නෙට් බ්ලොක්ස්” විසින් වාර්තා කර ඇති දත්ත උපුටා දක්වමිනී.

BBC පුවත් සේවය වාර්තා කළේ ඉරාන මාධ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහ කළද, එයද ව්‍යර්ථ වූ බවයි.

කෙසේ නමුත් ඉරාන රජය විසින් රට පුරා අන්තර්ජාලය අවහිර කර ඇතිද හෝ නැතිද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

අද අඛණ්ඩව 13 වැනි දිනටත් ඉරානයේ ඉහළ යන ජීවන වියදමට සහ ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වේ.

දෙසැම්බර් 28 වැනිදා, ටෙහෙරාන් අගනුවර වෙළඳුන් පිරිසක් ආරම්භ කළ විරෝධතා මේ වන විට එරට පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *