ව්ශ්වාස භංගයට මාලිමාවේ අයටත් සහය ලබාදීමට පුළුවන්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් අනුව දැයි සැකයක් පවතින බවත්, හෘද සාක්ෂියට අනුව කටයුතු කරන මාලිමා කණ්ඩායමේ නායකයන්ට විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංගයට සහාය ලබා දිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අනුරාධපුරයේදී පෙරේදා (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූවා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ එතුමා පැවසූවේ,
“විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙන එනු ලබන්නේ ජයග්‍රහණය සඳහාම පමණක් නොව වත්මන් ආණ්ඩුව විසින් රටේ සංස්කෘතියට හා සදාචාරයට නොගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම නිසායි. මේ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට මෙන්ම විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමටත් අවශ්‍ය නිසා මේ විශ්වාසභංගය ගෙන එනවා.
වත්මන් ආණ්ඩුවේ විකෘති මානසිකත්වයන් නැවත ඇති නොවීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා ජනතාවගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කරනවා.
පෙළපොත්වල කොළ ඉරීම මඟින් සිදුවූ වැරද්ද නිවැරදි කිරීමටට නොහැකියි. රටේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු කණ්ඩායමට දඬුවම් විඳීමට සිදු වෙනවා.
ලෝකය සමඟ ගනුදෙනු කිරීමට වර්තමානයට ගැළපෙන පරිදි නව අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඇතිවිය යුතුයි.” ඊට මුවාවී සංස්කෘතිය විනාශ කරන අසැබි දේවල් ඇතුළත් කිරීමට ඉඩ නොතබනවා.

