free web stats

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට දැවැන්ත ජයක්

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සමඟ පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ජපානයේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 387කි.

එහිදී විරාන් චමුදිත ලකුණු 192ක් සහ දිමන්ත මහවිතාන ලකුණු 115ක් ලබාගැනීමට සමත් ව්ය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 388ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ජපානයට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි.

එහිදී හුගෝ කේලී නොදැවී ලකුණු 101ක් රැස්කරගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *