free web stats

පාකිස්තාන හා බංග්ලාදේශ කණ්ඩායම්20/20 ලෝක කුසලාන තරගාවලියට කරන්න යන දේ

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?… පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හා ICC නියෝජිතයන් අතර ඩකාහිදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICC නියෝජිත මණ්ඩලයට දැනුම්දී ඇත්තේ, තමන් විස්සයි20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කැමති බවයි.

එහෙත් ඒ සඳහා ඉන්දියාවෙන් පිටත ස්ථානයක් දිගින් දිගටම ඉල්ලන ඔවුන් සිය ස්ථාවරය වෙනස්කර නොමැත.

මේ අතර බංග්ලාදේශ සිද්ධිය පදනම් කරගනිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයද මෙවර ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ යළි සලකා බැලීමේ තීරණක් ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කිසිදු රටක් සත්කාරක පීඩනයට මුහුණ නොදිය යුතු බව පාකිස්තානය අවධාරණය කරන අතර, ඒ හේතුවෙන් අසල්වැසියන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *