free web stats

ට්‍රම්ප් ස්විට්සර්ලන්තයට යන ගුවන්‍ යානයේ දෝෂයක්

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය, සුළු විදුලි දෝෂයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් එම යානය ශාන්ත ඇන්ඩෘස් හමුදා කඳවුර වෙත යළි පැමිණි බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එම ගුවන් ගමන ආරම්භ කර පැයකටත් අඩු කාලයක් තුළ මෙය සිදුව ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ස්විට්සර්ලන්තය බලා පිටත් වීමට නියමිත බවයි.

ඔහු අද දිනයේදී ඩාවෝස්හිදී ලෝක ආර්ථික සමුළුව ඇමතීමටත්, හෙට දිනයේදී ඩාවෝස් නගරයේම ගාසා තීරය සම්බන්ධ සාම මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමටත් නියමිත බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *