free web stats

කථා­නා­ය­කට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව කඩි­න­මින් ගේන්න

කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න මහ­තාට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නාව කඩි­න­මින් පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රමුඛ විප­ක්ෂයේ පක්ෂ නාය­ක­යන්ට යෝජනා කරන බව සමගි ජන බල සන්ධා­නයේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහතා පව­සනවා.

මේ සම්බ­න්ධ­යෙන් විපක්ෂ නාය­ක­ව­රයා ප්‍රමුඛ විප­ක්ෂයේ පක්ෂ නාය­ක­යන් සමඟ මෙන්ම පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය නොක­රන විප­ක්ෂයේ පක්ෂ නාය­ක­යන් සමඟ ද සාකච්ඡා කරන බව සුජීව සේන­සිංහ මහතා පැව­සූවා.

විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට කතා කිරී­මට අව­ස්ථාව ලබා නොදෙ­මින් කථා­නා­ය­ක­ව­රයා ප්‍රජා­තන්ත්‍ර විරෝධි ලෙස කට­යුතු කරන බවත් එම ක්‍රියා­ක­ලා­පය සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දෙදෙ­නකු මීට පෙර අන්තර් පාර්ලි­මේන්තු සංග­ම­ය­ටත් (IPU) පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය පාර්ලි­මේන්තු සංග­ම­ය­ටත්, යුරෝපා පාර්ලි­මේන්තු සංග­ම­ය­ටත් පැමි­ණිලි කර තිබුණු බවද සූජීව සේන­සිංහ මහතා පවසනවා.

එම අව­ස්ථා­වේ­දීත් කථා­නා­ය­ක­ව­රයා සිය වග­කීම නිවැ­ර­දිව ඉටු­ක­රනු ඇතැයි අපේ­ක්ෂා­වෙන් විශ්වාස භංග යෝජ­නාව ගෙන­ඒම තාව­කා­ලි­කව නතර කළ ද කථා­නා­යක හිතු මනා­පෙට කට­යුතු කරන බවද සූජීව සේන­සිංහ මහතා පවසනවා.

පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ­ලේ­ක­ම්ව­ර­යාගේ වැඩ තහ­නම් කිරී­මෙන් කථා­නා­ය­ක­ව­ර­යාහේ හැසි­රීම නැවත වතා­වක් පෙන්වා ඇති බවද සූජීව සේන­සිංහ මහතා වැඩි­දු­ර­ටත් පැව­සූවා.

පාර්ලි­මේ­න්තුවේ ඉහ­ළම තන­තුරු වන ලේකම් මණ්ඩ­ල­යට මීට පෙර හිටපු කිසිම කථා­නා­ය­ක­ව­ර­යකු බල­පෑම් සිදු­කර නැති අතර පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය මහ ලේක­ම්ව­රයා වැඩ තහ­න­ම­කට ලක් කිරීම පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එල්ල කළ බර­ප­තළ ප්‍රහා­ර­යක් බවත් සේන­සිංහ මහතා පැව­සූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *