free web stats

ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

අති විශාල අමෙරිකානු නාවික හමුදාවකින් සමන්විත සන්නද්ධ යුද නෞකාවක් ඉරානය දෙසට ඉතා උද්‍යෝගයෙන් සහ ස්ථිර අරමුණකින් වේගයෙන් ගමන් කරන බවට ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

එම ප්‍රකාශට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ “අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා මත පදනම් වූ සංවාදයකට සූදානම්” බවයි.

නමුත් බලපෑම් කළහොත් ආරක්ෂාව සඳහා පෙර නොවූ විරූ ලෙස එයට ප්‍රතිචාර දක්වන බවට ඉරානය ද තර්ජනාත්මක පිළිතුරක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන මුලුමනින්ම සාමකාමී බව අවධාරනය කරන අතර න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවට අමෙරිකාව සහ අමෙරිකාවට පක්ෂපාති පිරිස් විසින් කරන ලද චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *