free web stats

ඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනා

ඉන්දියාව සහ එරට ජනතාව පීඩාවට පත් කිරීම පාකිස්තානයේ එකම අපේක්ෂාව බවට පත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත පර්වදනෙනි හරීෂ් ආරක්ෂක කවුන්සිලයේදී චෝදනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පසුගිය වසරේ ඉන්දීය හමුදාව සිදුකළ සින්දූර් මෙහෙයුම පිළිබඳ පාකිස්තාන රජය ව්‍යාජ සහ ආත්මාර්ථකාමී පුවත් ප්‍රචාරය කරමින් සිටින බවයි.

ආරක්ෂක කවුන්සිලයේදී අදහස් පළ කළ පාකිස්තාන නියෝජිතවරයාට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය නිත්‍ය නියෝජිතයා එම චෝදනාව එල්ල කර ඇති අතර, පසුගිය වසරේ මැයි මස 9 වැනිදා සින්දූර් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසුව ද ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන බවට පාකිස්තානය තර්ජනය කළ බව ද සඳහන් කර තිබෙනවා.

ඉන්දීය ගුවන් ප්‍රහාරයෙන් පාකිස්තානයේ හමුදා කඳවුරුවලට සිදුවූ විනාශය පිළිබඳ පාකිස්තානය ජාත්‍යන්තරයට පැහැදිලි කළද, එම කඳවුරුවලට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු සොයා ගැනීමෙන් පසුව බවද ඉන්දීය නියෝජිතයා ආරක්ෂක කවුන්සිලයට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *