ශ්රී ලංකාව ඇගයූ නසාර් හූසේන් ගැන දසුන් කියපු දේ
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බවට එංගලන්ත හිටපු ක්රිකට් නායක නසාර් හුසේන් සිදුකළ ප්රකාශය නායක දසුන් ශානක විසින් අගය කරනු ලැබුවා.
එංගලන්තයට එරෙහිව අද (30) පල්ලෙකැලේ දී ආරම්භ වන විස්සයි20 තරගාවලියට කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් ඊයේ (29) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසූවා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක දසුන්,
“ඇත්තමට සතුටුයි ඒ වගේ සුබවාදී දෙයක් නසාර් හුසෙන් වගේ ක්රීඩකයෙක් කියපු එක ගැන. ගොඩක් අය අවතක්සේරු කරද්දී ඒ වගේ කෙනෙක් එහෙම කියන එක ලොකු ශක්තියක්.
අපි දන්නවා අපේ කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා හොඳින් ක්රීඩා කරලා අවසන් තරගයට එන්න“

