free web stats

අනියම් ඇසුරක් නිසා යුව­ළ­කට හිම් වූ වේවැල් පහර

ඉස්ලා­මීය ෂරියා නීතිය උල්ලං­ඝනය කර­මින් අනි­යම් ලිංගික ඇසු­රක් පැවැ­ත්වීමේ සහ මත්පැන් පානය කිරීමේ චෝද­නා­ව­කට හසුවූ ඉන්දු­නී­සි­යාවේ තරුණ යුව­ළ­කට ප්‍රසි­ද්ධියේ වේවැල් පහර 140ක දඬු­ව­මක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම දඬු­ව­මට ලක්වී ඇත්තේ ඉන්දු­නී­සි­යාවේ සුමාත්‍රා දූපතේ අචේ ප්‍රාන්තයේ පදිංචි තරුණ යුව­ළක් බවත්, නගර මධ්‍යයේ පිහිටි උද්‍යා­න­යක මහ­ජ­න­තාව ඉදි­රි­යේදී ප්‍රාන්තයේ ෂරියා ආග­මික පොලිස් නිල­ධා­රීන් විසින් එම දඬු­වම ලබා දී ඇතැයි ද වාර්තා වේ.

අනි­යම් ලිංගික ඇසු­රක් පැවැ­ත්වීමේ වර­දට වේවැල් පහර 100ක් සහ මත්පැන් පානය කිරීමේ වර­දට වේවැල් පහර 40ක් බැගින් දෙදෙ­නා­ටම ලබා දී ඇති අතර, දඬු­ව­මට ලක්වූ 21 හැවි­රිදි තරු­ණිය සිහි­සු­න්වීම හේතු­වෙන් රෝහ­ල්ගත කිරීමට ද සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා.

ලොව විශා­ල­තම මුස්ලිම් රාජ්‍යය වන ඉන්දු­නී­සි­යාවේ ප්‍රසි­ද්ධියේ වේවැල් පහර ලබා­දීමේ දඬු­වම ඇතු­ළුව ෂරියා නීතිය ක්‍රියා­ත්මක වන එකම ප්‍රාන්තය ද අචේ වන අතර, එය එරට මානව හිමි­කම් සංවි­ධා­න­වල දැඩි විවේ­ච­න­යට ද ලක්වී තිබේ.

අවි­වා­හක තරුණ යුව­ළට අම­ත­රව තවත් 6 දෙන­කුට එදින ප්‍රසි­ද්ධියේ වේවැල් පහරේ දඬු­වම ලබාදී ඇති අතර, අචේ ප්‍රාන්තයේ ආග­මික පොලී­සියේ නිල­ධා­රි­යකු ද දඬු­ව­මට ලක්වී ඇතැයි වාර්තා වේ.

ඔහුට එම දඬු­වම හිමිවී ඇත්තේ තරු­ණි­යක සමඟ පොදු ස්ථාන­යක අවි­නීත ලෙස හැසි­රීමේ චෝද­නා­වට බවත්, දෙදෙ­නා­ටම වේවැල් පහර 23 බැගින් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *