ඉන්දියාවේ ළමයින්ට තහනම් වෙන්න යන සමාජ මාධ්‍ය
ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඔස්ට්‍රේලියානු රජය පසුගියදා එරට තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව සමාජ මාධ්‍ය සීමා කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් විසින් කරුණු අධ්‍යයනය සිදුකරමින් සිටින බව ද වාර්තා වේ.
කෙසේවෙතත් ඉන්දියාව තුළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීම පහසු නොවන කාර්යයක් බව එරට විශේඥෂයින් පෙන්වා දී තිබෙනවා.

