free web stats

බදු පනවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් කරයි

ඉරානය සමග වෙළෙඳාම් අඛණ්ඩව සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට අනතුරු අඟවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

කෙසේ නමුත් මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර, එය 25% පමණ අගයක් වියහැකි බව සඳහන්වේ.

ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බව අමෙරිකාව පවසනවා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමෙරිකානු හා ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕමානයේ දී සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සුවිශේෂීවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *