free web stats

පාකිස්තානයට කඩුලු 3ක තියුණු ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

SSC ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලුදෙනා දැවී ලකුණු 147ක් රැස්කර ගත්තා. ඒ අනුව පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක් හිමිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට තරගය අවසන් පන්දුවාරය දක්වා ඉතා තියුණු තරගයක් පැවති අතර, කඩුලු 7ක් දැවී පන්දු 3ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය අසීරුවෙන් පසුකර යාමට ඔවුන්ට හැකිවිය.

මෙම ජයග්‍රහණයේ වීරයා ලෙස අංක 8 පිතිකරුවා වූ ෆහීම් අෂ්රෆ් කැපී පෙනුණේ පන්දු 11කට මුහුණදෙමින් නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.

ඊට අමතරව ෆහීම් අෂ්රෆ් සහ ෂහීන් අෆ්රිඩි එක්ව 8වන කඩුල්ල සඳහා පන්දු 20කදී ලකුණු 34ක වටිනා සබඳතාවක් ගොඩනඟා ගැනීමටද සමත් ව්ය.

මෙම ජයග්‍රහණයත් සමඟ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පාකිස්තානය ජයග්‍රහණයකින් ආරම්භ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *