ගුවනේදී ගැලවුණු ගුවන් යානා එන්ජිම
නයිජීරියානු Arik Air ගුවන් සමාගමට අයත් බෝයිං B 737-700 මාදිලියේ යානාවක් ගුවන් ගමනක නිරත වෙමින් සිටියදී එහි වම් පස එන්ජිමෙහි කොටසක් ගැලවී යාම හේතුවෙන් හදිසි තත්ත්ව යටතේ ගොඩබැස්වීමට නියමුවන් කටයුතු කර තිබෙනවා.
ඊයේ (11) වාර්තා වූ මෙම සිදුවීමෙන් එහි ගමන් ගත් මඟීන් 80 දෙනා සහ කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් නොවූ බව වාර්තාවේ.
නයිජීරියාවේ ලාගෝස් සිට පෝට් හාර්කෝට් බලා පියාසර කරමින් තිබූ එම යානාවේ වම් පස පිහිටි CFM56-7B20 එන්ජිනෙහි කොටසක් ගැලවී යාම හේතුවෙන් යානාවේ පසුපස පියාපත් කලාපයට ද හානි සිදුවී තිබූ බැවින් තරමක අවදානම් තත්ත්වයක් ද උදා වූ බව නියමුවන් පවසා තිබුණා.

