free web stats

බංග්ලා­දේ­ශයේ පශ්චාත් මැති­ව­ර­ණ ප්‍රච­ණ්ඩ­ත්වය හිස ඔසවයි

බංග්ලා­දේ­ශයේ පශ්චාත් මැති­ව­ර­ණය ප්‍රච­ණ්ඩ­ත්වය හිස ඔසවා ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කරනවා.

මැති­ව­ර­ණ­යෙන් පසු­දින සිකු­රාදා පස්ව­රුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාල­සී­මාව ඇතු­ළත එරට දිස්ත්‍රික්ක පහක පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී ඇති අතර, එම සිදු­වී­ම්ව­ලින් එක් පුද්ග­ල­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බවත්, තවත් පස්දෙ­නකු තුවාල ලබා ඇති බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

මිය­ගොස් ඇත්තේ ඔස්මාන් සර්දාර් නමැති 29 හැවි­රිදි තරු­ණ­යකු බවත්, බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂයේ සහ විරුද්ධ පාක්ෂික ආධා­ර­ක­රු­වන් අතර ඇති වූ ගැටු­ම­කින් ඔහු මිය­ගිය බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වෙනවා.

මේ අතර මධ්‍යම බංග්ලා­දේ­ශයේ රාජ්ෂහි නග­රයේ පෙරේදා සිදුවූ වෙඩි තැබී­ම­කින් 50 හැවි­රිදි පුද්ග­ල­යකු ජිවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, නාඳු­නන පිරි­සක් විසින් එම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වේ.

ඩකා අග­නු­වර ආස­න්නයේ පිහිටි කුඩා දිස්ත්‍රි­ක්ක­යක් වන නාර­ය­න්ගන්ජ් හි ජාති­ක­වාදි පක්ෂ කාර්යා­ල­ය­කට යම්කිසි පිරි­සක් ගිනි තබා විනාශ කර ඇතැයි ඩකා පොලී­සිය ප්‍රකාශ කළ බව එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළා.

සැක­ක­රු­වන් පක්ෂ කාර්යා­ලයේ වීදුරු කවුළු බිඳ එතු­ළින් පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි ද, සිදු­වී­මට සම්බන්ධ දෙදෙ­නකු හඳු­නා­ගෙන ඇතැයි ද පොලී­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

ජාති­ක­වාදී පක්ෂ සමා­ජි­ක­යන් ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දැමි­මට සමත්වී ඇති අතර, කාර්යා­ලයේ ගෘහ­භාණ්ඩ ගින්නෙන් විනාශ වී ඇතැයි ද ඩේලි ස්ටාර් පුවත් සේවය සඳ­හන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *