ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තීරණාත්මක තරගය අද
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව සහ අතර ‘බී’ කාණ්ඩයේ තීරණාත්මක තරගය අද පස්වරු 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියම්තයි.
දෙපිලටම සුපිරි අට වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය වැදගත්වී තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරගයේ සියලු ප්‍රවේශපත්‍ර දැනටමත් විකිණී අවසන් වී ඇති බැවින් ටිකට් සොයා ටිකට්පත් කවුන්ටරවලට නොපැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිට්නවා.
ශ්‍රී ලංකා තරගය පැවැත්වෙන අද දින බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේ ටිකට්පත් කවුන්ටරය වසා තබනු ඇති බව නිවේදනය කර ඇත.

