free web stats

ලෝක කුසලාන දෙවැනි ශතකය යුව­රාජ්ගෙන්

මෙවර ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට කැනඩාවේ යුවරාජ් සම්රා සමත් විය.

කෙසේ වෙතත් මේ තරගය ජය ගනිමින් සුපිරි 8 වට­යට එක් වූ 6 වැනි කණ්ඩා­යම බවට පත්වී­මට නව­සී­ල­න්තය සමත් විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කැනඩා පිල කඩුලු 4ක් දැවී ලකුණු 173ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය නව­සී­ල­න්තය ඕවර 15.1කදී ජය හිමි­කර ගත්තේ කඩුලු 2ක් පම­ණක් අහි­මි­කර ගනි­මින්.

ලකුණු 30ක් තුළ ආර­ම්භක පිති­ක­රු­වන් දැවී ගිය අතර, අන­තු­රුව එක් වූ රචින් රවින්ද්‍ර සහ ග්ලේන් පිලිප්ස් නොබි­ඳුණු සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මින් නව­සී­ල­න්තය ජය­ග්‍ර­හ­ණය කරා ගෙන ගියා.

පිලිප්ස් පන්දු 36කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 76ක් රැස් කළ අතර, රවින්ද්‍ර පන්දු 39කින් ලකුණු 59ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සම­ඟින්.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කැනඩා පිල වෙනු­වෙන් විශිෂ්ට ඉනි­මක් ක්‍රීඩා කළ යුව­රාජ් සම්රා මෙවර තර­ගා­ව­ලියේ දෙවැනි ශත­ක­ලා­භියා බවට පත් වූයේ ලකුණු 110ක් රැස් කර­මිනි. පන්දු 65කදී හතරේ පහර 11කින් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණ­වත් කර­ගත් ඔහු රැස් කළේ කැනඩා පිති­ක­රු­වකු වාර්තා කළ පළමු ලෝක කුස­ලාන ශත­ක­යයි.

සම්රා පළමු කඩු­ල්ලට දිල්ප්‍රීත් බජ්වා සමඟ එක්ව ලකුණු 116ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟුවේ ලෝක කුස­ලාන ඉති­හා­සයේ කැන­ඩාව වෙනු­වෙන් ඕනෑම කඩු­ල්ලක් වෙනු­වෙන් ගොඩ­නැඟු ඉහ­ළම සබ­ඳ­තාව ලෙසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *