විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ දුෂ්ට චේතනාවෙන්
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාව ආණ්ඩුව විසින් ඉදිරිපත්කර තිබෙන්නේ අතිශය දුෂ්ට චේතනාවෙන් බව මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා පැවසූවේ,
“ජාතික ජන බලවේගය මේක ගේන්නේ අතිශය දුෂ්ට චේතනාවෙන්. එම පක්ෂයේ මන්ත්රීවරුන්ගේ සියලු වැටුප් පක්ෂයේ අරමුදලට ලැබෙන්නේ. නමුත් විශාල පිරිසක් පක්ෂයෙන් එළියේ ඉන්නේ.
ඔවුන්ට පක්ෂ යන්ත්රණය තුළ පිළිසරණක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා. ඉතා දීර්ඝ කාලයක් මේ වරප්රදාසය ලබාගෙන නිර්දධ දේශපාලනය වළපල්ලට යවන යෝජනාවක් තමයි මේ ගෙන්න යන්නේ. ඇතැම් මන්ත්රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් බෙහෙත් ටිකවත් ගන්න බැහැ.
ඒ අයට දඬුවම් දෙන්න දුෂ්ට චේතනාවෙන් මෙය ගේනවා. මේකට ජනවරමක් නැහැ. ජනවරමෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඉටුකරන්න තිබුණ මොනතරම් දේ තිබෙනවා ද. මිලියන 6.7ක් එක් මන්ත්රීවරයෙක් තමන්ගේ පක්ෂයට ගෙවා තිබෙනවා. ඒ අයට මිලියන ගණන් තිබුණා නම් පොලියෙන් ජීවත් වෙන්න තිබුණා”.

