free web stats

වය­ඹ­දිග පාකි­ස්තා­නයේ බෝම්බ ප්‍රහා­ර­ය­ක්

වය­ඹ­දිග පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදුවු බෝම්බ ප්‍රහාර දෙක­කින් සහ වෙඩි හුව­මා­රු­ව­කින් පුද්ග­ල­යන් 11 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.

එම ප්‍රාන්තයේ පිහිටි බජා­වුර් දිස්ත්‍රි­ක්ක­යේදී එම ප්‍රහා­රය සිදුවී ඇති අතර, පොලී­සිය සහ කැර­ලි­ක­රු­වන් අතර වෙඩි හුව­මා­රු­වක් සිදුවූ බව ද වාර්තා වේ.

එම ප්‍රහා­ර­යෙන් මිය­ගොස් ඇත්තේ දරු­වකු සහ ආර­ක්ෂක අංශයේ සාමා­ජි­ක­යන් 10 දෙනකු බව පාකි­ස්තාන හමු­දාව ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

කාන්තා­වන් සහ දරු­වන් ඇතු­ළුව 7 දෙනකු තුවාල ලැබූ බවත් පාකි­ස්තාන හමු­දාව නිවේ­ද­නය කර තිබෙනවා.

බජා­වුර් දිස්ත්‍රි­ක්කයේ ආර­ක්ෂක මුර­පො­ළක් දෙසට ධාව­නය වූ බෝම්බ සවි­කළ වාහ­න­යක් පිපි­රී­මෙන් පළමු ප්‍රහා­රය සිදුවී ඇති අතර, එම පිපි­රී­මෙන් මෝටර් රථ කිහි­ප­ය­කට සහ අසල පිහිටි ගොඩ­නැ­ඟි­ල්ල­ක­ටද බර­ප­තළ හානි සිදුවූ බව වාර්තා වේ.

ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි පොලිස් ස්ථාන­යක් අස­ළදී බවත්, නවතා තිබූ යතු­රු­පැ­දි­යක සවි­කළ බෝම්බ­යක් පිපි­රී­මෙන් දෙවැනි ප්‍රහා­රය සිදුවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *