වයඹදිග පාකිස්තානයේ බෝම්බ ප්රහාරයක්
වයඹදිග පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්රාන්තයේ සිදුවු බෝම්බ ප්රහාර දෙකකින් සහ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.
එම ප්රාන්තයේ පිහිටි බජාවුර් දිස්ත්රික්කයේදී එම ප්රහාරය සිදුවී ඇති අතර, පොලීසිය සහ කැරලිකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ බව ද වාර්තා වේ.
එම ප්රහාරයෙන් මියගොස් ඇත්තේ දරුවකු සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන් 10 දෙනකු බව පාකිස්තාන හමුදාව ප්රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
කාන්තාවන් සහ දරුවන් ඇතුළුව 7 දෙනකු තුවාල ලැබූ බවත් පාකිස්තාන හමුදාව නිවේදනය කර තිබෙනවා.
බජාවුර් දිස්ත්රික්කයේ ආරක්ෂක මුරපොළක් දෙසට ධාවනය වූ බෝම්බ සවිකළ වාහනයක් පිපිරීමෙන් පළමු ප්රහාරය සිදුවී ඇති අතර, එම පිපිරීමෙන් මෝටර් රථ කිහිපයකට සහ අසල පිහිටි ගොඩනැඟිල්ලකටද බරපතළ හානි සිදුවූ බව වාර්තා වේ.
ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයක් අසළදී බවත්, නවතා තිබූ යතුරුපැදියක සවිකළ බෝම්බයක් පිපිරීමෙන් දෙවැනි ප්රහාරය සිදුවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළා.

