අම්පාරේ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
අම්පාර, කාර්තිව් මාවඩි පල්ලිය අසළ පාලම අසළින් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (27) උදෑසන සොයා ගැණුනා.
ඊයේ පස්වරුවේ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ළමුන් 06 දෙනෙකු අතුරුදන් උනා.
තවත් ළමුන් 04 දෙනෙකු සහ ට්‍රැක්ටරයේ රියැදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිටත් අතුරුදන්ව සිටිනවා.
පොලීසිය පැවසුවේ, නින්දවුර් මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් ඊයේ (26) පස්වරුවේ නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 14 දෙනෙකු ගමන් කරමින් සිට තිබේනවා.
ට්‍රැක්ටරය ජල පහරකට හසුව පෙරළුණු අවස්ථාවේ එහි සිටි ළමුන් 5 දෙනෙකු බේරා ගත් බව පොලීසිය පැවසුවා.
නාවික හමුදාවේ, කිමිදුම්කරුවන් විසින් අතුරුදන් වූ ළමුන් සෙවීමේ කටයුතුවල තවමත් නිරතව සිටිනවා.

