free web stats

කෝටි හතහමාර කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේනවා.

ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් සොයාගෙන තිබේනවා.

මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙස කටයුතු කර තිබූ අතර, අනෙක් පුද්ගලයා මෙම කොල්ලකෑමේ සිද්ධියට සහයෝගය දැක්වූ අයෙක්ය වනවා.

මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර එම රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා නොවැම්බර් 18 වැනිදා රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණා.

ඒ අනුව ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන ඒකකය හා මිනුවන්ගොඩ පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *