free web stats

නවතා තිබු වාහන අංක තහඩු නිකුත් කිරීම නැවත ආරම්භ කරයි

වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවති ගැටලුකාරී තත්ත්වය අවසන් කර අංක තහඩු නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා කිසියම් අයෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබාගෙන නොමැති නම් දෙසැම්බර් මස 15වනදාට පෙර ඒවා ලබා ගන්නා ලෙසයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ග තුළ රථ වාහන ධාවනය කිරීමට ලබා දී තිබූ අවසරය එළඹෙන දෙසැම්බර් 15වන දිනයෙන් අවලංගු වනවා.

ඒ අනුව තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් දෙසැම්බර් 15වනදායින් පසු පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *