free web stats

දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 51ක ජයක්

ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 51ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

නව චන්දිගාර්හි මහාරාජ යාදවින්ද්‍ර සිං ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඊයේ (11) රාත්‍රියේ අවසන් විය.

මෙහිදී දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 214ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට රැස්කිරීමට හැකිවූයේ පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී ලකුණු 162ක් පමණි.

මෙම ජය සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරිමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

දකුණු අප්‍රිකාව 213/4 (පන්දුවාර 20)

ක්වින්ටන් ඩි කොක් 90 (46), ඩොනොවන් ෆෙරෙයිරා 30 (16), ඒඩියන් මාක්‍රම් 29 (26), ඩේවිඩ් මිලර් නොදැවී 20 (12), වරුන් චක්‍රවර්තී 2/29 (4)

ඉන්දියාව 162/10 (පන්දුවාර 19.1)

තිලක් වර්මා 62 (34), ජිතේෂ් ශර්මා 27 (17), හර්දික් පාන්ද්‍යා 20 (23), ඔට්නීල් බාට්මන් 4/24 (4), මාර්කෝ ජන්සෙන් 2/25 (4), ලුතෝ සිපම්ලා 2/46 (4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *