free web stats

සහල් සහ පොල් හිඟයට ආන්ඩුවෙන් කඩ්නම් ව්සදුම්

ආනයනික සහල්, වරායට ගොඩබා පැය 04ක් ඇතුළත නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කෙරෙන සහල් හැකි ඉක්මනින් වෙළඳපොළට නිකුත් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. 

මේ අතර වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *