free web stats

හොරු පැනපු සතොස

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති සතොස වෙළඳසැලට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ පිරිසක් එහි තිබූ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වෙළඳසැලට ඇතුළු වූ සොරුන් එහි තිබූ කිරිපිටි ඇතුළු භාණ්ඩ වර්ග රැසක් සොරකම් කරගෙන ගොස් ඇති බවයි.

දඹුල්ල සතොස වෙළඳසැල පිහිටා ඇති ගොඩනැගිල්ල ආසන්නයේ තිබෙන මාර ගසට නැග එම ගොඩනැගිල්ලේ වහලයේ සිවිලිම කඩා සොරුන් එම වෙළඳසැල තුළට ඇතුළු වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *