free web stats

සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා බන්ධනාගාර ගත කෙරේ

කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු අද (10) රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නෙවිල් සිල්වා මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික් ගල් කිහිපයක් සහ රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා වෑන් රථයක් බලහත්කාරයෙන් සිය භාරයට ගෙන යළි වෙනත් අයෙකුට භාරදීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට පත්විය.

ඔහුගෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අළුයම දක්වා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ඉන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *