free web stats

බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් පිටිය උණුසුම්

මෙවර බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් පිටිය අතිශය තීරණාත්මක වී තිබෙනවා.

ඒ, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීම වෙනුවෙන්.

බොක්සිං දිනය වන අද ටෙස්ට් තරඟ තුනක් පැවැත්වෙනවා.

ඉන් ප්‍රධානතම තරඟය වන ඕස්ට්‍රේලියා – ඉන්දියා තරඟය දැන් පැවැත්වෙන්නේ මෙල්බර්න්හිදියි.

මෙම තරඟයේ ජය දෙපිළටම වැදගත්.

අනෙක් තීරණාත්මක තරඟය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ පකිස්තානය අතරයි.

සිය මව් රටේදී පැවැත්වෙන මෙම තරඟයෙන් දකුණු අප්‍රිකාව ජය ගතහොත් ඔවුන් අනිවාර්යෙන්ම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇති.

අනෙක් ටෙස්ට් තරඟය සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා. බොක්සිං දිනයේ ටෙස්ට් තරඟයක් සිම්බාබ්වේ තුළ පැවැත්වෙන්නේ වසර 28කට පසු පළමු වරටයි.

නත්තල් දිනට පසු දින දෙසැම්බර් 26වනදා ටෙස්ට් ක්‍රිකට් පිටියේ හැඳින්වෙන්නේ “බොක්සිං ඩේ” ලෙසයි.

ඒ අනුව බොක්සිං දිනයේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරඟයක් පැවැත්වීම සම්ප්‍රදායක් වනවා.

එය 1865 තරම් ඈතට දිව යන සම්ප්‍රදායක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *