free web stats

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ, ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටයි.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර තිබෙනවා.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.

සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *