free web stats

පොලිස් නිලධාරීයා මියගිය මාරක අනතුර

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටී බරපතළ තුවාල ලබා තිබේ. 

අදාළ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසනවා. 

මෙම මාරක අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) රාත්‍රියේ හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදීයි.

එම ස්ථානයේදී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි කටයුතුවල යෙදී සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු, කාර් රථයේ සිටි කාන්තාවක් සහ වයස මාස 04ක කුඩා දරුවෙකු, ලොරි රථයේ රියදුරු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 56ක් වූ භාතියගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත ගල්ඔය පොලිස් මුරපොළෙහි රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකි.

ඔහුගේ මෘතශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *