free web stats

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති දුන් නියෝගය

දකුණු කොරියාවේ සමස්ත ගුවන් සේවා මෙහෙයුම්වල ආරක්ෂාව පරීක්ෂා කරන්නයි එරට වැඩබලන ජනාධිපති චෝයි සන්ග් මොක් බලධාරින්ට නියෝග කර තිබෙනවා. 

දකුණු කොරියාවේ මුආන් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරෙන් පුද්ගලයින් 179 ක් ජීවිතක්ෂයට පත් වීම සැලකිල්ලට ගනිමින් වැඩබලන ජනාධිපතිවරයා එම නියෝගය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 181 දෙනෙකු එම ගුවන් යානයේ රැඳී සිට තිබෙනවා.

ඉන් දිවි ගලවාගත් ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු රෝහල් ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරට ලක්ව ඇත්තේ ‘ජේජු එයර්’ ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්. 

තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාව දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන් යානය මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වමින් සිටියදී ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *