free web stats

නයිට් නාමයක් ලැබූ ශ්‍රී ලාංකීයා

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ වෙසෙන රනිල් ජයවර්ධන මහතාට නයිට් නාමයක් ප්‍රදානය කර තිබෙනවා. 

ඒ, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජතුමා විසිනි. ඒ අනුව මින් ඉදිරියට ඔහු “සර් රනිල් ජයවර්ධන” ලෙස හැඳින්වීමට නියමිතයි.

රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එරට රජයේ අමාත්‍යවරයෙක්. 

එහෙත් පසුගිය මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කරන හැම්ප්ෂෙයර් ආසනය ජය ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ.

කෙසේවෙතත් මහජන නියෝජිතයකු ලෙස රනිල් ජයවර්ධන මහතා මෙතෙක් ඉටු කළ කාර්යභාරය අගයමින් ඔහුට මෙලෙස නයිට් නාමයක් පිරිනමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *