free web stats

ස්ථාන මාරුවක් ලැබුණු මහේස්ත්‍රාත්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව තිලිණ ගමගේ මහතාට මොරටුව දිසා අධිකරණය වෙත මාරුවීමක් ලබා දී ඇති බවයි වාර්තා වුණේ. 

රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාල නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා පෙරේදා දිනයේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *