free web stats

ඉන්දීය ඕස්ට්‍රේලියානු අවසන් ටෙස්ට් තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. 

ඒ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදීයි. 

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. 

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 02ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 42ක්. 

යශස්වි ජයිස්වාල් ලකුණු 10කට දැවී ගියා. 

කේ එල් රාහුල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණයි. 

මිචෙල් ස්ට්‍රක් සහ ස්කොට් බෝලන්ඩ් එම කඩුලු දෙක දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *