මාලිමා මන්ත්‍රී නිවසට පැනපු හොරු
ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ, ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස සොරුන් විසින් බිඳ ඇතැයි හොරණ පොලීසිය පවසනවා.
නිවසේ තිබූ රුපියල් 25,000ක මුදලක් සොරුන් විසින් රැගෙන ගොස් ඇතැයිද සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවසේ නොසිටි අවස්ථාවක සොරුන් එලෙස නිවසට ඇතුළු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
සොරුන් මුළුතැන් ගේ ජනේලයෙන් නිවසට ඇතුළු වී සොරකමෙන් අනතුරුව දොරෙන් පිටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.