free web stats

ප්‍රධාන ජලාශ රැසක් තවමත් වාන් දමයි

ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇදහැලී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ පැවසූවා.

විශේෂයෙන් ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, යාන්ඔය ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශයන්ට මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටද මි.මී. 50ට ආසන්න වර්ෂාවක් ඇදහැලී තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ගංඟාවල ජල මට්ටම වැඩවීමක් පෙන්වූවත්, එය ගංවතුර මට්ටමක දක්වා වර්ධනයවීමක් පෙන්නුම් නොකරන බව සූරියබණ්ඩාර මහතා පැවසූවා.

එමෙන්ම ඒ මහතා පවසා සිටියේ ජලාශවල ජල මට්ටම් සැලකීමේදී ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක තවමත් වාන් දැමීම සිදුවන බවයි.

ප්‍රධාන වශයෙන් දැදුරු ඔය, රාජංගනය, නාච්චාදූව, යාන් ඔය, පදවිය, ලුණුගම්වෙහෙර හා සේනානායක සමුද්‍රය යන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ජල මට්ටම අඩුකරන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *