free web stats

නව වසරේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද රැස්වේ

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි. 

මේ අතර මෙම සතිය සදහා පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දිනය දක්වා පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ දී ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *